අයවැයෙන් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කරන දැවැන්ත මුදල ජනාධිපති නම් තනි පුද්ගලයෙකුගේ වියදමට බවට විශාල බොරුවක් සමාජගත කළේ වර්තමාන ආණ්ඩු බලය හොබවන පිරිස බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පවසයි.
2015 අයවැය විවාදයයට එකතු වෙමින් වත්මන් ජනාධිපති අනුර දිසානායක 2014 අයවැයෙන් ජනාධිපතිවරයාගේ එනම් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට රුපියල් මිලියන 10430 වෙන්කරගෙන ඇති බවට චෝදනා කළ බව ඔහු සිහිපත් කරයි.
එහිදී මෙවැනි විශාල මුදලකින් නඩත්තු කරන තනි පාලකයෙකු රටට අවශ්‍ය දැයි ප්‍රශ්න කළ අනුර දිසානායක, 2015 අයවැය අනුව ජනාධිපතිගේ දවසක වියදම ලක්ෂ 262ක් බවද උදේට දවල්ට රෑට පන්දාහේ කොළ මැල්ලුම් හොදි කනවා දැයි නිර්ලජ්ජිත ලෙස ප්‍රශ්න කළ බවද චිත්‍රාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
එහෙත් ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපන බව කියා බලයට පැමිණි පුද්ගලයාගේ 2027 ජනාධිපති වැය ශීර්ෂය මිලියන 11204ක් බවත් එහි දවසක වියදම ලක්ෂ 300ද ඉක්මවා ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා එය තනි පුද්ගලයෙකුගේ නඩත්තුවටදැයි පෙරළා ප්‍රශ්න කරයි.
මේවා සමාජයේ වෛරය පැතිරවීම පිණිස සිදුකළ කැත පහත් වැඩ බවටද ජනතාව පාලකයන්ට හෙණ ඉල්ලන තැනට ආවේ මෙවැනි ප්‍රකාශවලට රැවටී බවටද චිත්‍රාල් ප්‍රනාන්දු චෝදනා කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එකතු වෙමිනි.