‘එක බඩුවට එක කඩයක්’ ව්‍යාපෘතිය රජ ගමනේ…. A9 පාරේ කොස්කඩ අරී…. වියදම ලක්‍ෂ 96යි….!

February 25, 2026 at 10:37 am | by emanisa.lk

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට පණ පොවමින් සංවිධානය කළ “Dimbulgamuwa Jack & Chill” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නවීන කොස් අලෙවි කුටි 21ක් විවෘත කිරීම පසුගියදා (23) සිදු විය.

ඒ අනුව, දිඹුල්ගමුව ප්‍රදේශයේ කොස් අලෙවිකරුවන්ට වඩාත් විධිමත් මෙන්ම සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිය වෙළඳ කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ. A9 ප්‍රධාන මාර්ගය අසල, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අරඹන ලද ව්‍යාපෘතියේ මුළු ආයෝජනය රුපියල් මිලියන 9.6 කි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගේ සුරතින් මෙම අලෙවි කුටි ජනතා අයිතියට පත් කෙරුණි. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *