එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමට එරෙහිව සජිත් නඩු මඟට….!

May 11, 2023 at 11:52 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදු වූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඩොලර් බිලියන 6.4කට සීමා වී ඇති වන්දි මුදල අය කර ගැනීමටත් එම විනාශයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙම මුදල මහා භාණ්ඩාගාරයේ වෙනම ගිනුමක තැන්පත් කරන ලෙසත් අදාළ එන්තරවාසියෙන් දැනුම් දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

නැව් සමාගම හිතාගෙන ඉන්නවා නම් අපේ රටේ මිනිසුන් මුදලට බිලි බා ගත හැකි බව එය වැරදි බවත් අපේ කිසිවකු මුදලට යට නොවන බවත් අපි බංකොලොත් වුවත් මූල්‍ය අපහසුතා තිබුණත් අපේ රට විනාශ කරන්න හෝ පාවා දෙන්න හෝ බිලී බා ගන්න අවස්ථාවක් ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද (11) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස