එක්නැලිගොඩ මැරුවේ රාජපක්ෂලා.. තාජුඩීන් මැරුවේ රාජපක්ෂලා… පෝද්දල ජයන්තට ගැහුවේ රාජපක්ෂලා… එහෙව් උන් අපට වැදි බණ කියනවා..! – මාලිමා මන්ත්‍රී…

November 5, 2026 at 12:55 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන බවට නාමල් රාජපක්ෂ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඝාතන, මාධ්‍යවේදීන්ට පහරදීම්, පැහැරගැනීම් සහ වෙඩි තැබීම් පිළිබඳ ඉතිහාසය අමතක කර වත්මන් ආණ්ඩුවට මර්දන චෝදනා එල්ල කිරීම විහිළුවක් බවද ඔහු පෙන්වා දෙයි.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය අම්මා සහ පුතාගේ වැඩක් බවටද, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය නාමල් සහ බාප්පාගේ වැඩක් බවටද පොද්දල ජයන්තට පහර දුන්නේද නාමල් සහ බාප්පා බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එමෙන්ම රතුපස්වල ජල ගැටලුව මුල් කරගනිමින් පැවැති විරෝධතාවේදී සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු විරෝධතාවේදී සිදුවූ වෙඩි තැබීම්ද රාජපක්ෂ පාලන සමයේ මර්දනය පිළිබඳ උදාහරණ ලෙස ඔහු පෙන්වා දෙයි.

සිරස මාධ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, සියත නාලිකාවට ගිනි තැබීම සහ සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යාමේ සිදුවීම්ද සිහිපත් කළ ශාන්ත පද්මකුමාර මහතා, එවැනි අතීතයක් සහිත පිරිස් අද මර්දනය පිළිබඳ කතා කිරීමේ සදාචාරාත්මක අයිතියද ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස