සැඩ රළ හේතුවෙන් තිරිකුණාමලය, පත්තානම්බර් කෝවිල දැඩි ලෙස සමුද්‍ර ඛාදනයට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම කෝවිල රැක ගැනීම වෙනුවෙනන් තිරිකුණාමලය මහ නගර සභාව මැදිහත්ව ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.
දැල් සහිත ගල් වැටී දමමින් සහ තාවකාලික වැලි කොට්ට තබමින් කෝවිල ආරක්ෂා කර ගැනීමට පිරිසක් කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
කෙසේ වුවද තිරිකුණාමලය බෝධිරාජ විහාරයේ සුනාමියට හසුව විනාශ වූ පැරණි ධර්මශාලාවෙහි පාදම මත බුදු පිළිමයක් තැබීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කෝවිළේ හෝ වෙරළ සීමාවේ පිහිටි සිය ගණනක් වන සංචාරක හොටෙල් සඳහා කිසිදු බාධාවක් කර නොමැත.