උසාවි වසා අගමැති පාර්ලිමේන්තුවේ නඩු අසනු…! – මිහින්තලේ නාහිමි…

July 27, 2024 at 9:06 am | by emanisa.lk

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ තීන්දු බලරහිත කිරීමට කටයුතු කරන්නේ නම් අධිකරණය වසා දමා අගමැති නඩුකාර ලෝගුව ඇඳ පාර්ලිමේන්තුවේ නඩු ඇසිය යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි පවසයි.

“පොලිස්පතිවරයා පත් කරලා තිබුණේ කථානායකවරයා වැරදි අර්ථකථනයක් දීලා නිසා තමයි එය අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබුණෙ. තාවකාලිකව පොලිස්පතිවරයාගෙ වැඩ අත්හිටුවන්න. ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂ ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකය බැඳිලා ඉන්නවා.

දැන් කියනවා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දුන්න එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත කළ යුතුයි කියලා, එහෙනම් මේ අධිකරණ ඔක්කොම වහලා දාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩු අහන්න කියන්න ඕන දිනේෂ් ගුණවර්ධන.

එහෙනම් අගමැති ඔතන ඉන්නෙ නැතුව නඩුකාර ලෝගු ඇඳ ගෙන ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඕනෙත් නෑ. මහා අධිකරණය ඕනෙත් නෑ කියලා. එයා ප්‍රකාශයක් කරන්න ඕනේ. මෙහෙම නඩු තීන්දු ඕන්නෑ, අපි තමයි නඩුව අහන්නේ කියලා. කැකිල්ලේ තීන්දු දෙන්නේ පාර්ලිමේන්තුව.”

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාහිමියෝ ඒ බව පැවැසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *