උසාවිය ඇතුළේ මිනී මැරුවේ පළවෙනි වතාවට නෙමෙයි…ඩිජිටල් හැඳුනුම්පත තිබුණා නම් ඕවා බෑ…! – ජගත් මනුවර්ණ…

February 20, 2025 at 5:35 pm | by emanisa.lk

අධිකරණයක දී චූදිතයෙකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 1994 වසරේ දී ද ධම්මික අමරසිංහ නැමැත්තා උසාවිය තුළ දී නීතීඥයකු ලෙස පැමිණි අයකු විසින් මරා දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

තමන් බලයට පැමිණියේ එම ඝාතන සංස්කෘතිය අවසන් කිරීමට වුව ද තවමත් අතීත අවතාර හොල්මන් කරමින් ඇතැයි ඔහු සඳහන් කරයි.

ඝාතකයා සතුව ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් ද තිබී ඇති බවත් ආණ්ඩුව හඳුන්වා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දී තිබිණි නම් ඔහුට සිය අනන්‍යතාව සැඟවීමට ඉඩ නොලැබෙන බව ද ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *