අවුරුදු තිහක් පැවති කොටි යුද්ධ කාලේවත් උසාවිය තුළ ඝාතන සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.
කෙසේ වුව ද අද වෙඩික්කරුවන් විනිසුරු නඩු අසද්දී විත්තිකරුවන් වෙඩි තබා ඝාතනය කරන තැනට රට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි.
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකුවක් රැගෙන එන්නැයි කයිය ගැහුව ද දැන් ජාතික ආරක්ෂාව ගැන කතා කර පලක් නොමැති බව ද චාමර සම්පත් සඳහන් කරයි.
පෝය දෙකෙන් පාතාළය අවසන් කරන බව කීවා ද එහි ඉවරයක් නැති බවත් ක්ලීන් ශ්‍රී ලංකා විවාදය අවස්ථාවේ මුලින්ම ඝාතන නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි බව ද ඔහු අවධාරණය කරයි.