උසස් පෙළ Econ ප්‍රශ්න පත්තරේ ලීක්… නුගේගොඩ පන්තියක කලින්ම බෙදලා…!

November 26, 2025 at 10:39 am | by emanisa.lk

උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය අඩංගු බොහෝ ප්‍රශ්න නුගේගොඩ ශාක්‍යා උපකාරක පන්තියේ ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක අඩංගු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ; නුගේගොඩ ශාක්‍යා එකෙන් ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා ළමයින්ට.

විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න 50න් 27ක් උපකාරක පන්තියේ ප්‍රශ්න හා සමානයි. දෙවන ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් හරියටම සමානයි. මෙහෙම ගියොත් සැමට අධ්‍යාපනය වෙන්නේ නෑ.

මහියංගණේ ළමයාට නුගේගොඩ ශාක්‍යා එකට එන්න බෑ. මොනරාගල දොඹගහ වෙල ළමයාට ශාක්‍යා එන්න බෑ කොළඹට කිරි ගමට කැකිරි තමයි.”

ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *