උසස් පෙළට අඛණ්ඩව විදුලිය ඉල්ලා ස්ටාලින් අධිකරණයට…!

February 1, 2023 at 6:20 pm | by emanisa.lk

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙම පෙත්සම ගොනුකළේය. එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබාදුන් බවය.

එම ප්‍රතිඥාව කඩකරමින් වගඋත්තරකරුවන් විදුලි බලය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඒ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *