උපුල් කැටිපෙ මුල් වටයෙන්ම විසි වෙයි… හර්ෂණගේ පුටුවටත් කැලණි ගජයෙක්…!

July 8, 2025 at 2:56 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගැනීමට හර්ෂණ සූරියප්පෙරුම මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා ජනාධිපති අතිරේඛ ලේකම් නිශාන්ත ජයවීර පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම සඳහන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ විමල් කැටිපේආරච්චි යෝජනාවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙසේ වෙතත් අවසානයේ නිශාන්ත ජයවීර ඒ සඳහා පත් කර ඇති අතර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ජනාධිපති අනුර දිසානායකගේ සහ විජිත හේරත්ගේ සමීපතයෙකි.

නිශාන්ත ජයවීර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ අයෙකි. අනුර කුමාර දිසානයක ජනාධිපති විසින් ඔහු 2024 ඔක්තෝබර් මාසයේ දී වැඩ බලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කළේය. ඉන්පසුව නිශාන්ත ජයවීර ජනාධිපති අතිරේක ලේකම් තනතුරක් සඳහා පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *