උපාධිධාරීන්ට රජයේ රැකියාම දෙනවා කියලා අපි කීවේ නෑ….! – නි. ඇමති චතුරංග අබේසිංහ….

March 20, 2025 at 10:53 am | by emanisa.lk

රජයේ රැකියා ලබා දිය හැක්කේ විසිතුන්දහසකට පමණක් බවත් උපාධිධාරීන් සඳහා රජයේ රැකියාම දෙන බවක් තම පාර්ශ්වය පවසා නැති බවත් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරයි.

කෙසේ වුවත් රජය ව්‍යවසායකත්වය සඳහා මේ වසරේ අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවත් ඒ හරහා පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ සඳහා හැකියාව ඇති පුද්ගලයන් නිර්මාණය කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

රජයේ රැකියා තවදුරටත් ලබාදීමට නොහැකි බවත් පසුගිය ආණ්ඩුව රජයේ ආයතන සඳහා සේවකයන් පිරවීම හේතුවෙන් තව දුරටත් ඊට ඉඩ නැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී දේශපාලන සංවාදයක් අතරතුර අදහස් දක්වමිනි.

එහි දී හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ජාතික ජනබලවේගය පක්ෂය ජනාධිපතිවරණ වේදිකාවේ දී “අපේ ආණ්ඩුවක පලමු ඇයවැයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳනවා.” යැයි කරන ප්‍රකාශයක වීඩියෝවක් ප්‍රදර්ශනය කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *