අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන්. කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදී ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ අනෙකුත් විශේෂිත අංශයන්ට පැමිණිලි කිරීමේ නැඹුරුව පදනම් කර ගෙන, එම කොමිසම මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින්ද එය සිවිල් වරදක් ලෙස සැලකෙන බැවින්ද මෙකී නිර්දේශ කරන්නේ යැයිද ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසයි.
මේ අනුව අපහාස කිරීමේ චෝදනාව යටතේ මහාධිකරණයක නඩු පැවරීමේ හැකියාව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි කිරීමේ අවස්ථාව අහිමි වෙයි.