හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින් ම සැලසුම් කළ බව විමර්ශනවල දී තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දූව පවසයි.
අනුරාධපුර ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සමග එකතු වී මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බවත් ඊට සම්බන්ධ වූ සැකකරුවන් හඳුනා ගෙන ඇති බවත් හෙතෙම අනාවරණය කරයි.
2023 සැප්තැම්බර් 17 වෙනිදා මෙම වෙඩි තැබීම සිදු විය. ඊට අදාළ විමර්ශන සිදුවන අතර පෙර කී පොලිස් අධිකාරිවරයා රාජකාරී නිවාඩු නොගෙන පෙරේදා (11) මැලේසියාව බලා පිටත්ව ගොස් තිබේ.
එලෙස ඔහු ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ දී සිය රාජකාරී ගිනි අවිය නීත්‍යානුකූල නොවන ආකාරයට මිතුරෙකුට ලබා දී එය නැවත රාජකාරී ස්ථානයට භාර දීමට ද කටයුතු කර බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.