උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීම නාටකයක් ද..? ආරක්ෂකයින්ගේ පිස්තෝල රස පරික්ෂක වෙත…!

October 18, 2023 at 6:24 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි 02 වහාම රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය අද (18) නියෝග කරයි.

අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවට නියෝග කර ඇත්තේ එම රසපරීක්ෂක විමර්ශනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටින ප‍්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල අවි දෙකින් වෙඩි ප‍්‍රහාර එල්ලකර ඇද්ද? යන්න අනාවරණ කරගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *