වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15ක් යනතෙක් පරාජය කිරීමට හැකියාවක් නොමැති බව තමා වගකීමෙන් යුතුව ප්රකාශ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමිනි.
රට තුළ පොහොර, ගුරු, උද්ඝෝෂණ ආදී විවිධ ප්රශ්න හරහා ආණ්ඩුව වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ඒ සදහා කිසිදු ඉඩක් නොමැති බවත් ද දුමින්ද සිල්වා මෙහි දී වැඩි දුරටත් අවධාරණය කළේය.