ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බලපෑම් මත උතුරේ හමුදා කඳවුරු පිහිටි තවත් ඉඩම් අක්කර 377ක් නිදහස් කිරීමට හමුදාව සූදානම් වන්නේ යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සමග හමුදාව නිදහස් කළ ඉඩම් ප්‍රමාණය 87% දක්වා ඉහළ යන බවයි.
දෙමළ දේශපාලකයින්ගේ බලපෑම් මත ජනාධිපතිවරයා 13%කට සීමා වී ඇති උතුරේ හමුදා කඳවුරු තවත් ඉවත් කිරීමට බලපෑම් කරමින් ඇතැයි ද උදය ගම්මන්පිල චෝදනා කරයි.
මේ නිසා 13%ක භූමියකට කොටු කර ඇති ආරක්ෂක හමුදාව දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.