උතුරේ බෞද්ධ උරුමය අතුගා දමන සැලසුමක්… ඉපැරණි කදුරුගොඩ විහාර නාම පුවරුත් ගලවයි..! – අරුණ් සිද්ධාර්තන්…

February 20, 2026 at 1:06 pm | by emanisa.lk

වසර 18ක් තිස්සේ යාපනය කදුරුගොඩ විහාරස්ථානයට මගපෙන්වීම සඳහා සවිකර තිබූ නාම පුවරු සියල්ල පසුගිය මස එහි ප්‍රාදේශීය සභාව විසින් ගලවා දමා ඇතැයි යාපනය දිස්ත්‍රික් සර්වජන බලය සංවිධායක අරුණ් සිද්ධාර්තන් පවසයි.

මෙම ක්‍රියාවෙහි අරමුණ උතුරේ බෞද්ධ උරුම විනාශ කර ව්‍යාජ ඉතිහාසයක් ගොඩනැගීම බවටද ඔහු චෝදනා කරයි. මේ වන විට කදුරුගොඩ විහාරය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට එම විහාරස්ථානය කරා යෑමට මාර්ගය සොයාගත නොහැකි වන බවද අරුණ් සිද්ධාර්තන් සඳහන් කරයි.

උතුරේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ නාම පුවරු ගලවා දැමූ ප්‍රාදේශීය පාලකයන් මේ රට ආක්‍රමණය කළ ලන්දේසි විසින් නිර්මාණය කළ පැරණි ගොඩනැගිලි පිළිබඳ විස්තර සහිත පුවරු සවිකර ඇතැයිද අරුණ් සිද්ධාර්තන් ප්‍රකාශ කරයි.

උතුරේ කතෝලික, ඉස්ලාම් ඇතුළු සෙසු ආගම්වලට මෙවැනි කෙනහිලිකම් නොමැති නමුත් සියලු බෞද්ධ සිද්ධස්ථාන උතුරෙන් ඉවත් කිරීමෙ සැලුමක් ජාතිවාදී දේශපාලනඥයන් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *