දෙමළ ජාතික නායකයෙකු මෙන්ම දෙමළ ජාතියේ පියා යැයි හැඳින්වෙන එස්.ජේ.වී. චෙල්වනාගයම්ගේ මන්නාරම පිහිටි ප්රතිමාව විනාශ කර තිබේ.
පසුගිය 25 වෙනිදා අලුයම් කාලයේ මන්නාරම දිස්ත්රික් ලේකම් කාර්යාල ඉදිරිපිට පිහිටි මෙම පිළිරුව කඩා බිඳ දමා තිබිය දී ප්රදේශවාසීන් දැක ඇත.
මෙම ප්රහාරය චෙල්වනායගම් විසින් ෆෙඩරල් පාලනයක් ඉලක්ක කරගෙන 1947 වසරේ දී පිහිට වූ තමිල් අරුසු කච්චි පක්ෂය වහා ම හෙළා දැකීමට කටයුතු කළේය. උතුරු නැඟෙනහිර වැඩිම දේශපාලන බලයක් දරන්නේ එම පක්ෂයයි.