උතුරු මැද හිටපු මහ ඇමති වැලිකඩ මුද්‍රණ පාටියට…!

April 7, 2025 at 10:04 am | by emanisa.lk

වසර 16ක සිරදඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරගතව සිටින උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් එහි මුද්‍රණ අංශයේ සේවයට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු සමග දඬුවම් ලැබූ ඥාතිවරිය ද වැලිකඩ කාන්තා අංශයේ රඳවා ඇති අතර මෙතෙක් කිසිදු කාර්යක් සඳහා යොමු කර නැත.

කෙසේ වුව ද එස්.එම්. රංජිත් තමන්ට ලැබුණු දඬුවම සම්බන්ධයෙන් අභියාචානයක් ඉදිරිපත් කළ පසු ඔහු එම රාජකාරීවලින් ඉවත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *