උත්තර පත්‍ර පරික්ෂාවට විශ්වවිද්‍යාල ඇදුරන් සූදානම්…! බදු අඩු කිරීම් තබා ජනපති හමුවීමේ ඉල්ලීමවත් නොලැබෙයි…!

May 4, 2023 at 5:39 pm | by emanisa.lk

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

අද (04) පැවති විධායක සභා රැස්වීමේ දී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වන විට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාද වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබඳ තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළ ද එම අවස්ථාව ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස