ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ ආකාරයට මේ රටෙන් හොරකම් කරගෙන උගන්ඩාවට රැගෙන ගිය ධනය නැවත මෙරටට ගෙන එන්නේ කවදාදැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස රැගෙන ගිය බව කියන මුදලේ පොලියෙන් රටේ සමස්ත ණය ගෙවා දැමිය හැකි බවයි.
බලයට පැමිණීමට පෙර ඉන්ධන ලීටරයකින් භාණ්ඩාගාරයට යන රු. 50 ඉවත් කරන බව ප්‍රකාශ කළ ද අනුර දිසානායක ජනාධිපතිවරයා අවසානයේ ඉන්ධන මිල සූත්‍රෙය් සිරකරුවෙකු වූ බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
මොරටුවේ පැවැති ජනහමුවක දී හෙතෙම මේ බව කීය.