උගන්ඩාවේ ඩොලර් හැංගුවා කියලා අපි කවදාවත් කීවේ නෑ…! – ටිල්වින් සිල්වා….

November 5, 2024 at 4:14 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි ප්‍රකාශ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය බවට ද සිල්වා චෝදනා කරයි.

සිය පක්ෂය ප්‍රකාශ කළේ උගන්ඩාවේ හෝ වෙන රටකට මුදල් සඟවා තිබිය හැකි බව පමණක් යැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.

ගුවන් යානා මගින් රැගෙන ගියේ මෙරට මුද්‍රණය කළ මුදල් බව සිය පක්ෂය එම දිනවල ම ප්‍රකාශ කළ බව ද ඔහු සඳහන් කරයි.

ඇතැම් කණ්ඩායම් බොරු ප්‍රචාරය කළ අවසානයේ එම බොරු සිය පක්ෂය නිර්මාණය කළේ යැයි චෝදනා කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය බව ද ටිල්වින් සිල්වා සඳහන් කළේය.

ජාතික ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *