උගතුන්ගේ ආණ්ඩුවේ උගත්කම් හොයන්න තේරීම් කාරක සභාවක්..,!

December 13, 2024 at 11:56 am | by emanisa.lk

කතානායක අශෝක රන්වල මහතා ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය, ආචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

වත්මන් කතානායකවරයාගේ ආචාර්ය උපාධිය මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ ඉංජිනේරු උපාධිය සහ නියෝජ්‍ය කතානායකවරයාගේ වෛද්‍ය උපාධිය සම්බන්ධව මේ වන විට රට තුළ මතුව ඇති ගැටළු සහගත හා අර්බුදකාරී තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන ලෙස ඉල්ලීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *