ඊශ්‍රායල් ප්‍රහාරයෙන් ඉරාන හමුදා ප්‍රධානීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් පිරිසක් මරුට…!

June 13, 2025 at 9:46 am | by emanisa.lk

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළේය.

එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.

එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *