ඉස්සර වගේ නෙමෙයි, දැන් තෙල් මිල වැඩි වුණාට සත පහක් කාගෙවත් සාක්කුවට යන්නෑ…! – මාලිමා මන්ත්‍රී…

March 15, 2026 at 10:41 am | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීමේදී නව මිල ගණන් තීරණය කර ඇත්තේ අනාගතය ගැන සිතා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

“ඔය තෙල් මිල වැඩිවීම වුණත් තියෙන්නෙ, තව ඉස්සරහට අනාගතය ගැන හිතලා තමයි ඒ මිල තීරණය කරලා තියෙන්නෙ.

වැඩිවෙච්ච මුදලින් එක සත පහක්වත් කාගෙවත් සාක්කුවකට යන්නෙ නෑ. ඉස්සර වුණේ ඒක නෙවෙයි. මීට කලින් ආණ්ඩුවල තිබිච්ච තෙල් මිලට තවම ඇවිත් නෑ අපි. තවම අඩු මිලක ඉන්නේ.”

ලක්ෂ්මන් නිපුනආරච්චි මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *