ආපදා මරණයක් සඳහා මීට පෙර ලබා දුන්නේ ලක්‍ෂ දෙකක් වුවත් දැන් එය ලක්ෂ දහයක් දක්වා වැඩිකර ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත් සඳහන් කරයි.
නිවාස වන්දිය ද රුපියල් ලක්ෂ පනහේ සිට ලක්ෂ සියය දක්වා ඉහළ දමා ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි
කාලගුණ ආපදාවත් පසු ඉතාම කෙටි කාලයකින් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් තම රජය සතු බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.