ඉෂඩ් ඩී ඇළ පරදා සිය පවුලම බේරාගත් පුංචි වීරයා! (video)

February 27, 2019 at 9:21 am | by admin

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රිරෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ (26දා) සමත් විය.

මෙම බේරාගැනීමේ කාර්ය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති (අවු.10) දරුවෙකු විසිනි. ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයේ හැඬලය හැරවී ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට වැටී අනතුරට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

තම දරුවා පාසල් හැරුණ පසු අලුත්වැව සිට මැදගම දක්වා තම නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවත්, තමන් ඇතුළු දරුවන් තිදෙනා බේරුණේ හාස්කමකට බව අනතුරට මුහුණදුන් පී. ලක්ෂ්මන් ජයකොඩි මහතා පැවසීය.

අඩි 30ක් පමණ ගැඹුරු ඉෂඩ් ඩී. ප්‍රධාන ඇළට වැටුණ ත්‍රිරෝද රථය ප්‍රදේශවාසීන් විසින් කඹ ආධාරයෙන් ගොඩට ගෙන තිබේ. ලක්ෂාන් දරුවා සිද්ධිය මෙසේ විස්තර කළේය.

“අපි එක පාරටම ඉෂඩ් ඩී ඇළට වැටුණා. මම මාස පහේ නංගියි, අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑගැසුවා. මමත් පීනලා නංගියි, මල්ලියි බේරාගත්තා. තාත්තා බේරාගන්න කෑගහන කොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකේ පිටුපසින් ආවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස