ඉල් පොහෝදා අවුකන ප්‍රතිමාව මහණ කරයි..!

November 27, 2023 at 9:40 am | by emanisa.lk

ඊයේ (26) දිනයට යෙදුණු ඉල් මහ පුරපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පැවැති පිංකමක දී අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේ පූජාවක් සිදුකර තිබේ.

මෙම ක්‍රියාව නිසා සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. එහි උචිත අනුචිතභාවය පිළිබඳ සංවාදයක් මතුව තිබේ.

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *