ඉර නැගෙනහිරින් පායනවා කියලා ඉගැන්නුවා… පෘථිවිය ඉර වටේ පරිභ්‍රමනය වෙනවා කියලත් ඉගැන්නුවා…. ඒ අධ්‍යාපනය නිසා අපි අතරමං වෙනවා…! – අනෝමා කුලකුරුප්පු…

January 18, 2026 at 10:44 am | by emanisa.lk

ඉර පායන්නේ නැගෙනහිරින් යැයි ඉගැන්වූ ගුරුවරුන්ම අනතුරුව ඉර එක තැනක පවතින අතර පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වන්නේ යැයි ඉගැන්වීම නිසා තමන් අතරමං වූ බව සමාජ ක්‍රියාකාරිනි අනෝමා කුලකුරුප්පු පෙන්වා දෙයි.

“මමත් අම්මා කෙනෙක් විදිහට මාර ආසාවෙන් හිටියා, මම ඉගෙන ගත් දේට වඩා වෙනස් දෙයක් මගේ දරුවෝ ඉගෙන ගන්නවාට. මට මතකයි මං පුංචි කාලේ, ඉස්කෝලේ එක වසර දෙක වසර පන්තිවලදී මගේ ගුරුතුමිය බෝඩ් එකේ ලස්සන ඉරක් අඳිනවා. කන්දකට උඩින් ලස්සන ඉරක් පායලා, වළාකුළක් එක්ක. අපට කියලා දෙනවා, පුතේ මේ ඉර පායනවා, ඉර පායන්නේ නැගෙනහිරින් කියලා. ඉර පායන දිශාව නැගෙනහිර. ඊට පස්සේ ඉර බහින දිශාව බටහිර කියනවා. මමත් උදේට නැගිටින කොට හිතනවා මේ ඉර පායනවා, ඉර පායන්නේ කොහෙන්ද නැගෙනහිරින්. ඔහොම තමා දවස ගෙවෙන්නේ. උදේට ඉර පායනවා නැගෙනහිරින්. හවසට ඉර බහිනවා බටහිරින්.

හැබැයි ඔහොම කාලයක් ගිහින් හත වසර අට වසර පන්තිවල දී මම ඉගෙන ගන්නවා පෘථිවිය පරිභ්‍රමණය වෙනවා ඉර වටේ කියලා. මට ඉර පායන්නේ නැගෙනහිරින් කියලා ඉගැන්නුවෙත් ගුරුවරයෙක්. දැන් ඉර තියෙන්නේ එක තැන කියල උගන්වන්නෙත් ගුරුවරයෙක්. එතකොට මං අතරමං වෙනවා. දැන් අහල බැලුවොත් මගේ දරුවන්ගෙන් එයාලා ඉගෙන ගන්නෙත් ඒ ටිකම තමයි. වෙනසක්වෙලා නෑ. දීර්ඝ කාලයක් තිස්සේ අපි සියලු දෙනා ඉගෙන ගන්නේ මේ විදිහට. මේ අධ්‍යාපනය ඇතුළේ දරුවෝ අතරමං වෙනවා. මට ඕනේ තාර්කිකව හිතන්න පුළුවන් දරුවෙක්. හැම දරුවෙක්ම හිතන්නේ එහෙම තමයි.”

අනෝමා කුලකුරුප්පු මේ බව ප්‍රකාශ කළේ, ආණ්ඩුව විසින් මහනුවරදී සංවිධානය කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *