ඉරාන නායකයා අන්තිම සටනට සැරසෙයි…. සිය අනුප්‍රාප්තිකයාත් නම් කරයි…!

June 21, 2025 at 7:12 pm | by emanisa.lk

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි සිය අනුප්‍රාප්තිකයා සඳහා ජ්‍යේෂ්ඨ පූජකයන් තිදෙනෙකු නම් කර ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අයතුල්ලා කුමේනිගේ දෙවන පුත් මොජ්ටාබා කුමේනි ඉදිරියෙන්ම සිටින බව වාර්තා වෙයි. ඔහුට ඉරාන විප්ලවීය හමුදාව සමග මෙන්ම පූජක සංස්ථාව සමග ද ඉතා ප්‍රබල සබඳතාවක් ඇත. ඉරාන පාලන තන්ත්‍රයේ වැදගත් තනතුරු කිහිපයක් උසුලන අලිරේසා අරාෆි අයතුල්ලා කුමේනිගේ ඉතාම විශ්වාසවන්ත සගයකු මෙන්ම එහි පාලන ව්‍යුහය අනුව ඊළඟ අධ්‍යාත්මික නායක තනතුරු සඳහා සුදුසුකම්ලාභියා ලෙස සැලකෙයි.

එසේම අලී අස්ගාර් හෙජාසි, ගොහ්ලම් හුසේන් මොසේනි, මොහොමඩ් ගොල්පෙයගනී, අලී අක්බාර් වෙලයටි සහ කමල් කහ්රාසි ද ඒ අතර සිටිති. මේ සියලු දෙනා ජාතික ජාත්‍යන්තර දේශපාලන කටයුතු සහ සිය පරමානු ව්‍යාපෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පිරිසක් ලෙස සැලකෙයි.

ඊශ්‍රායලය සමග මතුව ඇති ගැටුමේ දී තමන් මිය ගියහොත් රාජ්‍ය පාලන ව්‍යුහය පවත්වා ගෙන යාම සඳහා මෙම පියවර ගත් බව ඉරාන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මේ බව තහවුරු කොට ඇතැයි The New York Times ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *