ඉරානය ලොවම තෙලේ බදින ලකුණු… ප්‍රධාන තෙල් නැව් මගක් වසා දැමේ..?

June 22, 2025 at 8:19 pm | by emanisa.lk

ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් නැව් මාර්ගවලින් එකක් වන හෝමූස් (Hormuz) සමුද්‍ර සන්ධිය වසා දැමීම ඉරාන පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කර ඇත.

මෙම උපායමාර්ගික පියවර සඳහා දැන් ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.

දිනකට තෙල් හා වාණිජ නැව් 70 සිට 100 දක්වා ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

ලෝක තෙල් සැපයුමෙන් 20% ක් පමණ රැගෙන යන ලෝකයේ වඩාත්ම උපාය මාර්ගික ජල මාර්ගය වන හෝමූස් වසා දැමීම ගෝලීය වෙළඳපොළේ බලශක්ති මිල ගණන් සහ ගල්ෆ් වෙළඳාමට දැඩි ලෙස බලපෑ හැකි බව විද්වත් මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *