මෙරට ඉන්ධන මිල අඩු වී ඇත්තේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වීම නිසා මිස ජනාධිපති කළ දෙයක් නිසා නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ ආකාරයෙන්ම විදුලි බිල අඩු කළ යුතු බවත් ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති බදුද අඩුකළ යුතු බව හෙතෙම පැවසීය.
රුපියල් 5000 සිට ගෑස් මිල අඩු කර ඇත්තේ සියයට විස්සකටත් වඩා අඩු ප්‍රමාණයකින් බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙවර මුළු රටට ම අලුත් අවුරුද්දක් නැතැයි ද උත්සව සමරන්න නිදහස තිබිය යුතු යැයි ද වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.