ජනාධිපතිවරයා ඇතුළු සියලු ඇමතිවරු නිල නිවාස නොගෙන සරල වාහනයක් ලබා ගෙන කටයුතු කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
ඇමැතිවරුන්ට වාහන නොමැතිව බැරි බවත් ඉතාම සරල වාහනයක් භාවිත කරන බවත් ඔහු සඳහන් කරයි.
දැනටමත් ඉන්ධන මිල ටිකක් අඩු කළ බවත් ඉදිරි අයවැයෙන් ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු ටිකක් අඩු කරන බවත් නලින් හේවගේ වැඩි දුරටත් සඳහන් කරයි.