ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මඟින් විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන් ද තව දුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.
එමෙන්ම රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරිම සහ පිළිගැනීම ඇතුළු සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
පසුගිය 08 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් විදුලි සැපයුම සහ රෝහල් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබුණි.