ඉන්ධන දෙන්නේ QR කේතයට අදාළ වාහනේට විතරයි… QR එකටවත් කෑන්වලට තෙල් දෙන්නෑ….! – පිරවුම්හල් හිමියන්ගේ සංගමය….

March 15, 2026 at 1:05 pm | by emanisa.lk

දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් මේ වන විට QR කේත පද්ධතියට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසයි.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අද උදෑසන 8-9 පමණ වන විට සියලුම පිරවුම්හල් පද්ධතියට අනුගත වූ බවයි. තාක්ෂණික වශයෙන් පද්ධතිය දැන් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, ඒ මගින් කාර්යක්ෂමව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර ඉන්ධන ලබාගැනීමට තමන්ගේම වාහනයෙන් පැමිණිය යුතු බවට සහ වෙනත් QR කේතයක් රැගෙන වාහන සඳහා ඉන්ධන නිකුත් නොකිරීමටද ඔවුන් තීරණය කර ඇත. එසේම කිසිදු හේතුවක් මත ගැළුම් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව සභාපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *