ඉන්ධන තියෙන්නේ අලුත් අවුරුද්ද දක්වා විතරයි…! – ඇමති බිමල් රත්නායක…

March 16, 2026 at 5:55 pm | by emanisa.lk

රටේ ඉන්ධන තොල ඇත්තේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක පවසයි.

ලෝකය පාලනය කරන නායකයන් කිහිප දෙනෙකුගේ යුද උන්මාදය නිසා මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින අතර මිනිස් ජීවිත පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී ඇති බවද ඇමති රත්නායක පෙන්වා දෙයි.

පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවේ වැසියන් ලෙස අපටද මෙහි දරුණු බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බව ඔහු සඳහන් කරයි.

රටේ ඉන්ධන තොග පවතින්නේ අප්‍රේල් අලුත් අවුරුද්ද දක්වා පමණක් බව මීට පෙර ජනාධිපතිවරයාද ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ බිමල් රත්නායක, දැනට පවතින ගෝලීය යුධ වාතාවරණය තවදුරටත් පැවතුණහොත් ඉන් ඉදිරියට ඉන්ධන සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බවටද අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *