ඉන්ධන කෝටා මාරුව අඟහරුවාදාට..! සති අන්ත සේවක OT කපන පොටක්…!

March 8, 2023 at 4:01 pm | by emanisa.lk

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (08) සිට සෑම අඟහරුවාදා දිනක ම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඉන්ධන කෝටාවේ ඒ ඒ වාහන කාණ්ඩ ඉන්ධන ප්‍රමාණය තව දුරටත් නොවනස්ව පවතින බව ද එම අමාතයංශය සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තවල ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට මෙම පියවර ගත් බවත් ඉදිරිදා දිනයේ ඉන්ධන කෝටාව මාරුවීමට අවශ්‍ය සැපයුම ලබාදීමේ දී එම ආයතන දෙකේ අතිරේක දීමනා ඉහළ යෑම එයට හේතුව බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *