ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයට සමගාමීව අත්සන් කිරීමට යෙදුණු ගිවිසුම් 7 පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකට එකතු වෙමිනි.
පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන එම ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියාට ද ලබාගත හැකි බව ටිල්වින් සිල්වා සඳහන් කළේය.
කෙසේ වුව ද පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කිරීමට අවශ්‍යතාවක් නොමැත.
ඇමරිකාව විසින් ලෝකයටම අදාල වන ලෙස ලෙස පනවා ඇති බදු ලෝකයට සාපෙක්‍ෂව ලංකාවට එතරම් විශාල නැති බව ද ඇමරිකාවට මෙරට අපනයන සිදු කරන්නේ සුළු ප්‍රමාණයක් බවත් ඉන් වැඩි කොටස ඇඟලුම් බවත් ඔහු එහි දී පැවසීය.
යම් හෙයකින් අදාළ බද්ධ හේතුවෙන් ඇගලුම් කර්මාන්ත ආශ‍්‍රිත රැකියා නැතිවහොත් ඔවුන්ට වෙනත් රැකියා අවස්ථා සොයා දෙන තෙක් දියමනාවක් ලබා දෙන බවද ටිල්වින් සිල්වා එහි දී අවධාරණය කළේය.