ඉන්දියාව බැසිල්ටත් ඩොලර් බිලියන 4ක් දුන්නා.. මාලිමාණ්ඩුවට දුන්නේ මිලියන 450යි…!

December 26, 2025 at 3:22 pm | by emanisa.lk

ආපදාව අවස්ථාවේ ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ ඉන්දියාවට ස්තූතිවන්ත වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සඳහන් කළේ ඉන්දීය විදේශ කටයුතු එස්. ජයශංකර් ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් රැගෙන පසුගියදා දිවයිනට පැමිණි බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබාදුන් බව පෙන්වා දුන් හෙතෙම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කටයුතු කළ සමයේ ඩොලර් බිලියන 4ක ණය පහසුකමක් ලබා දුන් බව ද සිහිපත් කළේය.

කෙසේ වුව ද වර්තමාන ආණ්ඩුවට දරුණු ආපදා තත්ත්වය හමුවේ පවා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාගැනීමට අසමත්ව ඇති බවත් මෙවර ලැබී ඇත්තේ ඩොලර් මිලියන 350ක ණයක් සහ මිලියන 100ක සහනාධාරයක් පමණක් බවත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *