ඉන්දියාව ඉරානයේ ගලවා ගැනීමේ මෙහෙයුමක… ලංකා වැසියනුත් රැගෙන එති…!

June 21, 2025 at 12:06 pm | by emanisa.lk

ඉන්දියාව ඉරානයේ රැඳී සිටින ඉන්දියානු ජාතිකයන් වහාම එරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

එහි දී ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය විසින් කරන ලද ඉල්ලීම් අනුව ඉරානයේ රැඳී සිටින එම දෙරටේ පුරවැසියන් ද ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇත.

බටහිර රටවල් සමග සමීප සබඳතාවක් පවත්වන ඉන්දියාව මෙලෙස වහා සිය වැසියන් ඉරානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමෙන් නුදුරේ දී ම ඉරාන – ඊශ්‍රායල යුද්ධය තීරණාත්මක වනු ඇති බව අනුමාන කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *