ඉදිරි පාලනයකින් ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි දෙනවා…! – ප්‍රේමනාත් සී. දොලවත්ත…

September 16, 2025 at 9:59 am | by emanisa.lk

ඉදිරියේ දී බිහිවන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ලෝකයේ කිසිම රටක, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මේ ආකාරයට කුහක ලෙස කප්පාදු කර නැති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ රට මේ තත්ත්වයට ගෙන ඒමට රට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන් මහත් කැපවීමකින් කටයුතු කළ බව ද ප්‍රේමනාත් සී. දොලවත්ත අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *