ජාතික ජන බලවේගය බොහෝ බාධක මැඩගෙන අද වන විට කඳු පාමුලට පැමිණ සිටින බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ටී. කේ. ජයසුන්දර පවසයි.
ඉදිරියේ ඇති අභියෝග කන්ද තරණය කිරීමේදී සැප පහසුවට සියල්ල කළ නොහැකි වනු ඇති අතර ඒ සඳහා කැප කිරීම් කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
චීනය අද වන විට ලෝකයේ අංක එකට පැමිණ ඇත්තේ අසීරු අවස්ථාවන්හි සර්පයන්, ගස්වල පොතු ආදිය පවා ආහාරයට ගෙන බව ද ඔහු පෙන්වා දෙයි.
වර්තමානයේ රටේ ජනතාව පමණක් නොව ජනාධිපති අනුර දිසානායක මහතාගේ සිට පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු සියලු දෙනා එක මට්ටමේ දුක් කරදර විදිමින් සිටින බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පසුගිය දිනවල තමන් කිසිවෙකුට කොළඹ ගොස් නැවතීමට තැනක් නොතිබූ බවත් බෑග් එක කරේ එල්ලාගෙන එහෙ මෙහෙ ඇවිදමින් සිටි බවත් අවසානයේ පන්සලක නවාතැන් ලැබුණු බවත් ඔහු පැවසුවේය.
අද වන විට මාදිවෙල නිල නිවාසයක් ලැබී ඇති නමුත් වාහනයක් මේ වන විටත් ලැබී නැති බව ද සඳහන් කළ මන්ත්රීවරයා, වාහනයක් ලබා දෙන්නයි ඉල්ලීමට තමන්ට අයිතියක් නැති බව ද පැරණි වාහන විකුණා දමා වෙනත් සුදුසු වාහනයක් ලබා දෙන තෙක් ඉවසන්නට වන බව ද ප්රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී ටී.කේ. ජයසුන්දර මේ බව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමිනි.