ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවය මේතරම් දේශපාලනීකරණය කළ ආණ්ඩුවක් මින් පෙර නොතිබූ බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
“ලංකාවෙ ඉතිහාසෙ මේ තරං රාජ්‍ය සේවය දේශපාලානීකරණය කළ ආණ්ඩුවක් නැති තරං. ජනාධිපති ලේකම් තමන්ගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක්. රාජ්‍ය පරිපාලන සේවයෙ නෙමෙයි. ජ්‍යේෂ්ඨ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉද්දි පිටින් ගෙනත් දැම්මා.
මුදල් අමාත්‍යංශ ලේකම් විදිහට හිටපු පාර්ලිමේන්තු.මන්ත්‍රී කෙනෙක් දැම්මා. ගෝඨා කබ්‍රාල් ගෙනාවා වගේම. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තමන්ගේ දේශපාලන වේදිකාවෙ වැඩ කරපු ක්‍රියාකාරිකයෙක්.
පොලිසිය බාරව ඉන්නෙ කවුද? ඒත් එහෙමයි තමන්ගේ දේශපාලන වේදිකාවෙ හිටපු කෙනෙක්. තමන්ගෙ වේදිකාවෙ හිටපු ශානිව පත් කළා සීඅයිඩී එකට. ඊයෙ පෙරේදා සුරාබදු කොමසාරිස් පත් කළා. කවුද? තමන්ගේ ඡන්දෙ ඉල්ලපු අපේක්ෂිකාවගේ හස්බන්ඩ්. තඹුත්තේගම ගමේ යාළුවෙක්. කැලණි කැම්පස් එකේ යාළුවෙක්. මේ විදිහට පෝලිමට යාළු මිත්‍රයො පාක්ෂිකයො රාජ්‍ය සේවයට දාගෙන යනවා. තව ඕන නං තව කියන්න පුළුවන්.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමිනි.