ඉතිහාසයේ විශාලතම ආයෝජනය සිනොපෙක්… ගිවිසුම අත්සන් කළේ අපේ ආණ්ඩුව…! – ලක්මාලි හේමචන්ද්‍ර…

July 16, 2025 at 1:48 pm | by emanisa.lk

ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය වන සිනොපෙක් ආයතනය ලංකාවට පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

සිනොපෙක් ආයතනය 2007 වසරේ පමණ සිට ලංකාවේ ආණ්ඩු සමග සාකච්ඡා කළ ද ගිවිසුම අත්සන් කළේ මාලිමාණ්ඩුව යටතේ බවයි, ඇය අවධාරණය කළේ.

ඊට පෙර ආණ්ඩු සමග ගිවිසුම් අත්සන් කරන බව කීව ද එවැන්නක් සිදු නොවූ බව ද ලක්මාලි හේමචන්ද්‍ර සඳහන් කළේ ඊයේ (15) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

කෙසේ වුව ද සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමේ ගිවිසුම අත්සන් කළේ 2023 වසරේ මැයි 22 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලන සමයේය. එවකට බලශක්ති ඇමතිවරයා ලෙස කටයුතු කළේ කාංචන විජේසේකරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *