ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේ දැඩි විවේචන එල්ල කළ ජවිපෙ ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂය සඳහා වැඩිම මුදල ඔවුන් මෙවර අයවැයෙන් වෙන්කරගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
“ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙ වැඩියෙන්ම කතා කරපු වැය ශීර්ෂය තමයි ජනාධිපති වියදම්. තමුන්නාන්සෙලගේ ජනාධිපතිතුමා තමයි කිව්වෙ මේවා රුපියල් 5000 කොළ කන්නද, එක විනාඩියකට මෙච්චර යනවා, දවසකට මෙච්චර යනවා, කොහොමද මේවා වියදම් කරන්නෙ, මේ විදියට මේ රටේ මුදල් නාස්ති කරන්න මොකටද ජනාධිපති තනතුරක් හදාගන්නෙ.
එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 බිලියන 12ක් වෙන්කරගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල. ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21,000ක්. ජනාධිපතිතුමාගෙම වචනවලින් කිව්වොත් 5000 කොළ හතරක්. ඔබතුමාලා එහෙමනෙ මේ රටේ ජනතාවට කිව්වෙ.”
දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.