ඉතිහාසයේ පළමු වතාවට උපසම්ප්‍රදා පිංකමට හමුදාව යොදවන්න මුදල් ඉල්ලයි…!

May 4, 2025 at 5:48 pm | by emanisa.lk

උපසම්පදා පුණ්‍යකර්මය සඳහා අම්බලන්ගොඩ, ගල්දූව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සීමා මාලකයේ දිය යට කොටස පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව යෙදවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට මුදල් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මෙම ආරණ්‍ය සේනාසනයේ උපසම්පදා කටයුතු සඳහා අවශ්‍ය පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදා කිමිදුකරුවන් නොමිලේ සපයා තිබිණි.

කෙසේ වුව ද මෙවර ඒ සඳහා රු. ලක්ෂයකට ආසන්න මුදලක් ඉල්ලා අදාළ විහාරස්ථානයට ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි. බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රජයේ වගකීමක් ලෙස ප්‍රකාශ කොට ඇති පසුබිමක සිදුව ඇති මෙම සිදුවීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *