ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය මෙවර කරනවා…! – අනුර…

April 25, 2023 at 5:04 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය මෙවර පවත්වන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැයි සැමරුම මෙවර පස්වරු 4.00ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන අතර පෙළපාළිය කොළඹ බී.ආර්.සී. පිටිය අසලින් පස්වරු 2.00ට ආරම්භ කෙරෙන බව ජවිපෙ නායකයා කීය.

එය පුරා ලක්ෂ ගණනක ජනතාවක් මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත බව ද හෙතෙම පැවැසීය.

ජනතාව මර්දනය කිරීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත, අධික බඩු මිල, බදු බර, ජීවන වියදම වැනි විශාල ප්‍රශ්න හමුවේ වැඩ කරන ජනතාව මේ මොහොතේ දැඩි පීඩාවට පත්ව ඇති අතර එම නිසාම මෙවර මැයි දින සැමරුම දැවැන්තම සහ විශේෂ රැලියක් වනු බව ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස