කුට්ටම අනන්න කාලෙ හරි
දැන් අවුරුද්දක් ආණ්ඩු කරනවනෙ. මගේ නම් අදහස හරිනිගෙන් අධ්‍යාපනය ගලවලව කාටහරි දීල, එයාට අගමැතිකම විතරක් දෙන්න කියන එක, කිසිම ඇමතිකමක් නැතුව.
හරිනි අධ්‍යාපනය බාරව ඉන්නවට ගොඩක් මම දන්න අය කැමති නැහැ. අන්තිම ගොබ්බම විදේශ ඇමති මම දැක්ක විජිත හේරත්. තව ගොඩක් අනන්න වෙයි මට හිතෙන විදියට. ඇමතිකම් 25ක් කිව්වට ඊට අඩුවෙන්නෙ අනුර දැම්මෙ.
අර කෝප් එකේ ලොක්ක දොස්තර මහත්මය මරු. තව ගොඩක් අයව මම දැක්ක නියමට, ප්‍රතිපත්ති අනුව වැඩ කරන. 159යම මම දන්නෙ නැහැ. පුද්ගලිකව මම දන්නෙ දහයක් විතර. ඒත් මම කියන්නෙ කුට්ටම් අනල දක්ෂ අයව ලෝකෙට හඳුන්වල දෙන්න කියල.
ජාතික ඒකාග්‍රතාව කියන ඇමතිකම හර්ෂනගෙන් ගලවල බිමල්ට දෙන්න බලන්න. බිමල්ට තමා ගොඩක් ජාතීන්, සහ ආන්තිකකරණයට ලක්වෙලා ඉන්න අය කැමති.
ගොඩාක් දක්ෂ ජාතික ජන බලවේගයේ ඇමතිල මන්ත්‍රීල ඉන්නව. ඒත් ඔය මාධ්‍යය ගේන්නෙ ගොබ්බම ගොබ්බ සෙට් එකක්. ඒ නිසා ඒ දක්ෂ අය කියන දේ ජනයා අතරට යන්නෙ නැහැ. දැන්වත් කුට්ටම අනන්න බලන්න. නැත්තං කෙලවෙනවා!!
උවිඳු කුරුකුලසූරිය