රටේ ආර්ථිකය බරපතළ අර්බුද ගණනාවකට මුහුණපා ඇති බවත් ජනාධිපති අනුර දිසානායක මේ රටේ බිහි වූ අසාර්ථකම මුදල් ඇමතිවරයා බවත් සමඟි ජන බලවේග දුෂණ විරෝධි බලවේගයේ කැඳ වුම්කරු නිරෝෂන් පාදුක්ක පවසයි.
“ඩෙංගු රෝගීන් 50,000 කට අධික ප්‍රමාණයක් රට තුළින් වාර්තා වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙනවා. මේ වන විට විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.
ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් ඉටු කරන්න දන්නේ නැති ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරනු ලබන්නේ. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ උපරිමය මෙපමණයි. මීට වඩා දෙයක් ඔවුන්ට රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් සිදුකරන්න නොහැකියි. රටේ ආර්ථිකය මේ වන විට බරපතල අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. ඔහු රටේ බිහිවුණ අසාර්ථකම මුදල් ඇමැතිවරයා බවට පත්වී තිබෙනවා.
කරුණාකරලා මාධ්‍ය සංදර්ශනව නවත්වා, ඩෙංගු මර්දනය කිරිම කාර්යක්ෂම කරන්න. රටේන් අතුරුදහන් වුණ මුදල් නැවත රටට ගේන්න වහාම කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රට තුළ ඩොලර් හිගයක් මතුවී තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ප්‍රකාශ කර තිබෙනවා.”